Seedr account එකකින් film download කරමු මම අද ගෙනාවා torrent වලින් film download කරන අයට ඒක කරන ලේසි විදිහක්. මේකට කියන්නේ seedr account එකක් කියලා. Torrent වලින් download කරන කොට seeds අඩු file එකක් නම් download වෙන්න ගොඩක් වෙලා යනවා. ඉතින් අපි seedr account එකක් හදාගෙන තියෙනවා නම් අපිට පුලුවන් මේක ලේසියෙන්ම කරගන්න. මේක කරන්නේ මෙහෙමයි. මුලින්ම torrent site එකකට ගිහින් තමන්ට ඕන film එකේ torrent එක open කරගන්න. ඊලඟට link එක copy කරගන්න. ඒ link එක ඔයාගේ seedr account එකේ url කියන තැනට දෙන්න. ඊට පස්සේ + ලකුණ ඔබන්න. එතකොට ඒ torrent එක අයිති file එක අපේ seedr account එකට upload වෙනවා. Seeds ගාන අනුව මේක upload වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. මේ විදිහට upload වුණාම අපිට ලේසියෙන්ම අපිට ඕන file එක download කරන්න පුලුවන් කිසිම හිරවීමක් නැතුව. අපි මුලින්ම seedr account එක හදනකොට අපිට දෙන space එක 2 GB. ඒ කියන්නේ අපේ account එකට අන්තර්ජාලය හරහා හුවමාරු කර ගන්න පුලුවන් 2 GB හෝ ඊට අඩු file විතරයි. ඉතින් අපිට ...